පසුගිය කාලසීමාව පුරාවටම රටේ මව්වරුන් සහ දරුවන් දැඩි අර්බුදයකට මුහුණ දුන්නේ පෝෂණය සපිරූ ‘ත්‍රිපෝෂ’ පැකට් එක නිසි වෙලාවට සායනවලින් නොලැබුණු නිසයි.
හැබැයි ඔන්න දැන් ඒ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබිලා තියෙනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යය වුණු “ප්‍රමිතිගත බඩඉරිඟු” හිඟවීම නිසා මාස ගණනාවක් තිස්සේ නිෂ්පාදන කටයුතු අඩාල වෙලයි තිබුණේ. මේ නිසා ඉලක්කගත ප්‍රතිලාභීන්ට ත්‍රිපෝෂ බෙදාදීමත් අක්‍රමවත් වුණා.
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ විශේෂ මැදිහත්වීම මත, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සමඟ ත්‍රිපෝෂ සමාගම ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව දැන් බඩඉරිඟු සැපයුම යථාවත් වෙලයි තියෙන්නේ.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසන්නේ, මේ වන විට නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති අතර දිවා රාත්‍රී නොබලා පැය 24 පුරාම කර්මාන්තශාලාව ක්‍රියාත්මක වන බවයි.
ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල හරහාමේ මාසය අවසන් වන විට ත්‍රිපෝෂ ලබා ගැනීමට අවශ්‍ය බෙදා හැරීම් කටයුතු දැන් දිවයින පුරාම සිදුවෙනවා. ඒ නිසා මින් ඉදිරියට ත්‍රිපෝෂ හිඟයක් ඇති නොවන බවටයි බලධාරීන් සහතික වෙන්නේ.
















