රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමාකිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට අද (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නියමිත පරිදි වාර අවසන් කිරීමට ඇත්තේ අප්‍රේල් මස 10 වන දින බවත් එතෙක් බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක් සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

















