තවත් ජනප්‍රිය නළුවෙක් ජීවිතයෙන් සමුගනී..

2716

ඔහු ගැන මේ ඇසෙන්නේ සියල්ලන්ගේම හද කම්පා කරන කතාවක්.

ඇත්තටම මේ මරණය ඔහුට ආදරය කරන පිරිසකට නම් හද සංවේදී කරන පුවතක් වෙන බවට රහසක් නෑ.

‘බෆී ද වැම්පයර් ස්ලේයර්’ (Buffy the Vampire Slayer) රූපවාහිනී කතා මාලාවේ සැන්ඩර් හැරිස් (Xander Harris) ලෙස රංගනයෙන් දායක වූ අමෙරිකානු රංගන ශිල්පී නිකලස් බ්‍රෙන්ඩන් (Nicholas Brendon) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහු නින්දේදී ම මිය ගොස් ඇති බවයි.

මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවූවා.

කැලිෆෝනියාවේ සනීඩේල් නම් ප්‍රබන්ධ නගරයක වෙසෙන යොවුන් මිතුරන් පිරිසක් වැම්පයර්වරුන් සහ අනෙකුත් අද්භූත බලවේගයන්ට එරෙහිව සටන් කරන අයුරු දැක්වෙන ‘බෆී’ (Buffy) කතා මාලාව, සාම්ප්‍රදායික රූපවාහිනී කලාවේ නව පෙරළියක් ඇති කළ නිර්මාණයක්.

1997 සිට 2003 දක්වා එම කතා මාලාව විකාශය වූ සම්පූර්ණ කාලය පුරාම බ්‍රෙන්ඩන් විසින් බෆීගේ අප්‍රතිහත හා උපහාසාත්මක මිතුරා වූ සැන්ඩර් හැරිස්ගේ චරිතය නිරූපණය කර තිබෙනවා.

මීට අමතරව ඔහු 2007 සිට 2014 දක්වා ‘ක්‍රිමිනල් මයින්ඩ්ස්’ (Criminal Minds) කතා මාලාවේ FBI තාක්ෂණික විශ්ලේෂකයෙකු වන කෙවින් ලින්ච් ලෙස ද රංගනයෙන් දායක වූවා.

ප්‍රයිවට් ප්‍රැක්ටිස් (Private Practice) සහ ඇන්තනි බෝර්ඩේන්ගේ කෘතියක් ඇසුරින් නිපදවූ බ්‍රැඩ්ලි කූපර් රඟපෑ කිචන් කොන්ෆිඩෙන්ෂල් (Kitchen Confidential) යන නිර්මාණවල ද ඔහු පෙනී සිටියා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *