ලැරිජානි ඝාතනය වූ බවට ඊශ්‍රායලය පවසන නමුත් ඉරාන බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.
ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද බෙදා හරිනු ලැබූ මෙම සටහන මගින්, මෑතකදී ඇමරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයින් පිරිසක් අනුස්මරණය කර ඇත.
එම නාවිකයින්ගේ අවමංගල්‍ය උත්සවය අද දින පැවැත්වීමට නියමිතව තිබුණා.
ඉරාන ආරක්ෂක ප්‍රධානී ලැරිජානි (Larijani), පසුගිය සිකුරාදා ටෙහෙරාන් අගනුවර පැවැති වාර්ෂික ‘අල්-කුඩ්ස්’ (al-Quds) දින රැළියට සහභාගී වී සිටිනු දක්නට ලැබී තිබූ බවට වාර්තා වෙනවා.
ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සමඟ ඔහු මධ්‍යම ටෙහෙරාන් නුවර වීදි පුරා ගමන් කරමින් සිටි බව වාර්තා වුණා.
එම පෙළපාලිය අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලැරිජානි ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය ඉරානයේ සතුරන්ගේ “අසරණභාවය” පෙන්වන සලකුණක් බවයි.
“මෙම ප්‍රහාර එල්ල කරන්නේ බිය සහ අසරණභාවය නිසයි. ශක්තිමත් අය කිසිවිටෙකත් පෙළපාලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඔවුන් අසාර්ථක වී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා,” යැයි ඔහු රාජ්‍ය රූපවාහිනියට පවසා තිබුණා.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළ ආරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ, ඉරාන ජනතාව යනු නිර්භීත, ශක්තිමත් සහ දැඩි අධිෂ්ඨානයකින් යුත් ජාතියක් බව ට්‍රම්ප් වටහාගෙන නොමැති බවයි.




















