BREAKING NEWS
Search

තරුණියකගේ නිරුවත් ඡායා ළඟ තබාගත් සිසුන් දෙකක් මාට්ටු

1797

තරුණියකගේ නිරුවත් විඩියෝ පටයක් වට්ඇප් මගින් හිතවතුනට බෙදාහැරි හා එම විඩියෝ පටය ලඟ තබා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු පීඨයක සහ කාර්මික විද්‍යාලයක අධ්‍යාපන හදාරන සිසුන් දෙදෙනකු අද අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය කියයි.

අදාළ තරුණියකගේ ඥාතීන්   සයිබර් අපරාධ ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව එම අංශය කියයි.

තිලකපුර ,අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එක් සැකකරු සිසුවා පෞද්ගලික විශ්ව විද්‍යාල මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හදාරන අතර අනෙක් සැකකාර සිසුවා එම ලිපිනයේම පදිංචි එම වයසේම අයකු බවත් ඔහු ඔරුගොඩවත්ත ආයතනය ඔටෝ මොබයිල් පාඨමාලාවක් හඳාරන බවත් පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *