ඉරානයේ කර්ග් දූපතට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමග චීන ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් නිර්මාණය වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
ඉරානය අපනයනය කරනු ලබන බොරතෙල්වලින් සියයට 90ක් අපනයනය කරනු ලබන්නේ කර්ග් දූපත හරහා වීම හේතුවෙන් නැවතත් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි චීන ජාතිකයන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් ගැසී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. මේ වනවිටත් චීනය සිව් වතාවක් ඉන්ධන මිල ඉහළ දමා තිබෙන බවත් වසර තුනකින් වාර්තා ඉහළම ඉන්ධන මිල වාර්තා වී තිබෙන බවත් එරට මාධ්‍ය පැවැසුවේය.
කර්ග් දූපත හරහා අපනයනය කරන බොරතෙල්වලින් වැඩිම ප්‍රමාණය මිලදී ගන්නා චීනය වීම එම කලබලයට හේතුව වී තිබෙන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
යුද්ධය ආරම්භයේ සිට ඉරානය කර්ග් දූපත හරහා බොරතෙල් බැරල් මිලියන 13.7 ක් අපනයනය කර ඇති බවත් ඇමෙරිකාව ප්‍රහාර එල්ල කරන මොහොතේද නෞකා කීපයකට ඉරානය බොරතෙල් පටවමින් සිට ඇති බවත් එම වාර්තාවල දැක්වේ.
ඇමෙරිකාව පෙරේදා(14) කර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත පහරදුන් අතර එම අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ කර්ග් දුපතේ හමුදා ඉලක්ක සියල්ල විනාශ කර දැමූ බවත් කෙසේ නමුත් විනෝදෙට තව දෙතුන් වතාවක් ඇමෙරිකානු හමුදා කර්ග් දූපත පහර දෙනු ඇති බවත්ය.
කර්ග් දූපත යනු ඉරාන වෙරළේ පිහිටි කිලෝමීටර් 33 ක පමණ කොරල් දූපතකි.
ජනපති ට්‍රම්ප් එය ඉරානයේ අභාරණය ලෙස හඳුන්වනු ලබන අතර එම ඉරානයේ බොරතෙල් අපනයනයෙන් සියයට 90 ක් සිදුවේ.

















