BREAKING NEWS
Search

“අමාරුයි කියද්දීත් අතරමග දාලා ආවා…..” සිරිපා මාවතේදී තනිවුණු බැතිමතාගේ අවසන් හෝරා කිහිපය, වගකීමක් නැති නඩ නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වෙයි!

352
සිරිපා වාරය ආරම්භ වීමත් සමඟ බැතිමතුන් ලක්ෂ ගණනින් සමනල කන්ද තරණය කළත්, මෙවර වන්දනාවේදී තවත් එක් අවාසනාවන්ත මරණයක් රත්නපුර මාර්ගයේ හැරමිටිපාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මියගොස් ඇත්තේ පූගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. නමුත් මේ මරණය හුදෙක් හෘදයාබාධයකින් සිදුවූවක්ම පමණක් නොව, එය පිටුපස “නඩේ ගුරාලාගේ” සහ සංවිධායකයන්ගේ නොසැලකිල්ල ප්‍රබලව බලපා ඇති බවයි වාර්තා වෙන්නේ…

සෞඛ්‍ය අංශ හෙළි කරන පරිදි, මෙම පුද්ගලයා රෝගාබාධ කිහිපයකින් පෙළුණු අයෙක්. නමුත් නඩය සමඟ ආපසු එන හදිසිය නිසා, පපුවේ කැක්කුම තදින් දැනෙද්දීත් ඔහු ගල් වංගෙඩිය දක්වාම පැමිණ තිබෙනවා. අවසානයේ එම ස්ථානයේදීම ඔහු අවසන් හුස්ම හෙළුවේ නඩයේ කිසිවෙකුගේ හරි හැටි අවධානයක් ඔහුට යොමු නොවූ පසුබිමකයි.

අද කාලේ බොහෝ දෙනෙක් සිරිපා කරුණා කරන්නේ Facebook ඉවෙන්ට් හෝ ගමේ විවිධ සංවිධායකයන් මගින් යන “ආගන්තුක නඩ” සමඟයි. මේ සංවිධායකයන්ට ඕන කරන්නේ තමන්ගේ බස් එක හෝ වෑන් එක වෙලාවට පිටත් කරන්න විතරයි.

වයසක සහ රෝගී අයව මඟ දමා යාම. අමාරු වූ විට උදව් නොකර පොලීසියට හෝ කම්කරුවන්ට කරදර කිරීම. තමන්ගේ ලාභය ගැන මිස බැතිමතාගේ ජීවිතය ගැන නොසිතීම.

මේ තත්ත්වය නිසා අසරණ වෙන බැතිමතුන්ව පහළට ගෙන එන්න සිද්ධ වෙන්නේ රත්නපුර ප්‍රාදේශීය සභාවේ කම්කරුවන්ටයි. මේ මරණය නිසා ඔවුන්ට තම රාජකාරිය පසෙකලා දේහය සැතපුම් ගණනක් ඔසවාගෙන ඒමට සිදුවූ අතර, ඒ හේතුවෙන් මාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු පවා අඩාල වී තිබුණා.

රජයේ සේවකයන් ඔබව ඔසවන්න බැඳී නැහැ: කකුල් රිදෙන නිසා හෝ මහන්සි නිසා ඔබව ඔසවාගෙන යාමට පොලීසිය හෝ කම්කරුවන් බැඳී නැහැ. ඒ සඳහා මුදල් ගෙවා ලබාගත හැකි සේවාවන් (දෝලිය) භාවිත කරන්න.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *