සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශ මත මෙම කරුණු අනාවරණය වී තිබෙන අතර සැකකාර සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
මෙම සිසුවා හෝකන්දර ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන විත් ඒවා ඩිජිටල් තරාදියක් උපයෝගි කර ගනිමින් කිරා නේවාසිකාගාරයේ කාමරය තුළදී පොලිතීන් පැකට්වලට අසුරා තිබෙන බවයි හෙළිව ඇත්තේ.
සිසුවාගේ කාමරයේ තිබී හෑෂ් ග්‍රෑම් 85 යි මිලි ග්රෑම් 260 ක් හා කුෂ් ග්‍රෑම් 11 යි මිලි ග්රෑම් 210 ක් ද සොයා ගැනීමට විනයාරක්ෂක නිලධාරීන් සමත් වුණා.
එහිදී ඩිජිටල් තරාදියක්, මත්ද්‍රව්‍ය පැකට් 60ක් හා රුපියල් 70240.00 ක මුදලක් ද එහි තිබී සොයා ගත් විනායාකරක්ෂක නිලධාරීන් වැඩිදුර විමර්ශන සඳහා ඒවා පේරාදෙණිය පොලීසියට භාර දුන්නා.
මේ අතර එම කාමරයේ නේවාසිකව සිටි තවත් සිසුන් තිදෙනෙකුගේ හා කාමරයට නිතර ආ ගිය සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසුවේ.
මේ වන විට මෙම සිසුවා පොලිසිය මගින් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.


















