BREAKING NEWS
Search

දෙමව්පියන්ටත් පාඩමක් කියා දුන් හිත හොද හොරෙක් ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

114
අමෙරිකාවේ 🇺🇸 ඔරිගන් ප්රාන්තයෙන් වාර්තා වුණු මේ සිදුවීම නම් ඇත්තටම අමුතුම කතාවක්.
එක්තරා පුද්ගලයෙක් පාර අයිනේ නවතා තිබූ මෝටර් රථයක් සොරකම් කරගෙන පලා ගොස් තිබෙනවා. හැබැයි ටික දුරක් යද්දී ඔහු දකිනවා කාර් එකේ පිටුපස අසුනේ පුංචි දරුවෙක් තනියම ඉන්නවා කියලා.
මේක දැකපු හොරා කරපු වැඩේ ගැන අහපුවහම කාටත් හිනා යනවා. ඔහු කෙළින්ම කාර් එක ආපසු හරවාගෙන දරුවාගේ දෙමාපියන් හිටපු තැනටම ඇවිත් තියෙනවා.
ඇවිත් දරුවාව පරිස්සමට දෙමාපියන්ට භාරදීලා, වාහනය පණගන්වා දරුවා තනියම දාලා ගිය එක ගැන ඒ දෙමාපියන්ට හොඳටම බැනලා අවවාද කරලා තියෙනවා.
හැබැයි වැඩේ කියන්නේ, බැනලා ඉවරවෙලා ඔහු ආයෙමත් අර සොරකම් කරපු කාර් එකෙන්ම පලාගිහින්. හොරා කොහොම වුණත් ඔහු කළ ක්රියාව ගැන මේ වෙද්දී සමාජ මාධ්ය පුරාම කතාබහට ලක්වෙනවා .
උපුටාගැනිමකි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *