BREAKING NEWS
Search

ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට

149

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු අද (13) දිනයේ ඉරානය වෙත පිටත්කර යැවීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, දේහයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඉරානය බලා පිටත්වයාමට සූදානම්ව ඇති බවය.

මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ.

පසුගිය මාර්තු මස වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණි.

පසුව ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව පසුව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *