ඒත් ඇයට මේ තරම් අපරාධයක් සිදුකරන්න ඔහුට හිතුණේ කොහොමද..?
වැල්ලව සිට හොරණට පැමිණි වයස අවුරුදු 14 ක පාසල් දැරියක් රවටා හෝටල් කාමරයකට රැගෙන ගොස් රැයක් රඳවා ගෙන දූෂණය කළ බව කියන එම දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දූෂණයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර ඇති අතර, මෙම දැරිය අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි එම ප්‍රදේශයේම පාසලක 10 වෙනි වසරේ අධ්‍යාපන ලබන දැරියක් වෙනවා. ඇය, සිය මව, බාප්පා, සීයා සහ සහෝදරිය සහ මස්සිනා සමග ජීවත්වන අයකු බව පොලිසිය සඳහන් කරනවා.
දැරිය මවගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල ප්‍රදේශයේ තරුණයකු සමග කෙටි පණිවුඩ මගින් හා සීයාගේ දුරකථනයෙන් ඇමතුම් මගින් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පසුගිය (02 වැනිදා) මෙම දැරිය පෙම්වතා හා කතා කර ගත් පරිදි පසු දින (03 වැනිදා) පාසල් නිල ඇඳුමින් හොරණ නගරයට පැමිණ හොරණ බස් නැවතුම්පොළේදී පෙම්වතා සහ ඔහුගේ මිතුරකු හමුවී ඇතැයි පොලිසිය කියයි.
ඔවුන්ගේ ඉල්ලීම මත බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළට ගොස් නිවසින් රැගෙන ආ ඇඳුම් ඇඳගෙන තිදෙනාම කළුතර දක්වා ගොස් තිබුණා.
කළුතර ප්‍රදේශයේ සිටියදී පෙම්වතා බව කියන පුද්ගලයාට විවිධ දුරකථන අංකවලින් දුරකථනයට ඇමතුම් පැමිණීම හේතුවෙන් ගෙදර අය විසින් එම ඇමතුම් ලබා ගන්නේ යැයි බිය වී තිදෙනාම කුරුණෑගල දක්වා යාමට බසයකට නැග ඇති අතර කුරුණෑගලින් බැස නැවත බසයකට ගොඩවී රාත්‍රි 11 ට පමණ වැල්ලව දුම්රිය ස්ථානය අසලින් බැස සැකකරුවන්ගේ නිවෙස් වෙත යාමට බස් රථ නොමැති වීම හේතුවෙන් වැල්ලව දුම්රිය ස්ථානය අසල තරුණයන් දෙදෙනාගේ මිතුරකුගේ කාමරයක නැවතී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
එහිදී පෙම්වතාව ආහාර ගෙන ඒම සඳහා පිටව ගිය අවස්ථාවේදී දැරිය මරණ බවට බිය ගන්වා පෙම්වතාගේ මිතුරා ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් පෙම්වතා පැමිණි පසු මේ බව දැනුම් දුන්නද ඔහු ගණන් නොගෙන රැගෙන ආ ආහාර තිදෙනා විසින්ම ආහාරයට ගෙන බීම වර්ගයක්ද පානය කළ බවත් ඉන්පසු තමාට කිසිවක් මතක නොමැති බවත් පසුදා අලුයම බලන විට තමා හැඳ සිටි ඇඳුම් අනිත් පැත්ත හැඳ සිටි බවත් දැරිය සිදු කළ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
එදින අලුයම පෙම්වතා සහ ඔහුගේ මිතුරාගේ වැඩිහිටියකු වැල්ලව පොලිස් ස්ථානයට තමන්ව භාර දුන් බවත් තම දෙමව්පියන් පැමිණ තමා පදිංචි අඟුරුවාතොට පොලිස් වසමට ගෙනවිත් පොලිස් ස්ථානයට යොමු කිරීමෙන් පසු රෝහල් ගත කළ බවත් එහිදී දෙදෙනා අතින්ම තමා දූෂණයට ලක්ව ඇති බවට දැනුම් දුන් බවත් දැරිය ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්..


















