BREAKING NEWS
Search

එයාලා කාඩ් සෙල්ලම් කර කර හිටියා. සමහරු ෆෝන් එකෙන් කතා කර කර හිටියා – ලංකාවේ හෙදියන්ගේ කැරැට්ටුව විදෙස් හෙදියක් හෙළිකරයි

115

ජර්මමන් ජාතික හෙදියක් තමා අත්විදි දේ ගැන පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දක්නට ලැබෙනවා

කනගා ටුදායක සිදුවීමක් අත්වින්දා ගාල්ල ජාතික රෝහලේදී. මම මේ කියන්නෙ සෞඛ්ය පහසුකම් ගැන නෙමෙයි. මම කියන්නෙ එම රෝහලේ හෙදියන් වැඩ කරන විදිහ ගැන.

මම ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට කියන්නෙ, ඔයාලට වගකීමක් තියෙනවා අපිරිසිදු රෝ ගින් ගැන. මගෙ රාජකාරිය තමයි ඒ මිනිස්සුන්ව හෝදන එක, කන්න දෙන එක, ඩයිපර්ස් මාරු කරන එක සහ වෛද්යවරයාට සහය වීම. අපි දිවුරුමක් ලබා දෙනවා මිනිස්සුන්ව බලා ගන්නවා කියලා.

ශ්රී ලංකාවේදි මම දැක්කේ වාට්ටුවේ ගොඩාක් හෙදියන් හිටියා 10ක් 12ක් විතර. එයාලා කාඩ් සෙල්ලම් කර කර හිටියා. සමහරු ෆෝන් එකෙන් කතා කර කර හිටියා එයාලගෙ රාජකාරි වෙලාවේදී. ඒක දැක්කම මට ලොකු කලකිරීමක් ඇති උනා. මොකද එතන මිනිස්සු කෑග හනවා, වි ලාප තියෙනවා. මොකද ඒ මිනිස්සු හිටියේ වේද නාවෙන් සහ, බ ය වෙලා. එකම එක නර්ස් කෙනෙක්වත් අඩුමගානෙ බැලුවේ නැ මේ මිනිස්සුන්ට මොකද කියලවත්.

ඒක ඇවිල්ල නර්ස්ලට වැඩ අධික දවසක්වත් නෙමෙයි. එයාලා සම්පූර්ණයෙන්ම රෝ ගින්ගේ හැගීම් නොසලකා හැරලා තිබුනේ. මම කියන්නෙ, කොහොමද ඔයා නර්ස් කෙනෙක් විදිහට වැඩ ඇරිලා ගෙදර ගිහිල්ලා සතුටු වෙන්නෙ ඔයා කරපු වැඩ ගැන එක වතාවක් හරි රෝගින්ගේ වේ දනාව, රෝ ගින්ගේ බ ය වෙනස් කරන්න උත්සහ කරන්නෙ නැතුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *