මේ වනවිට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත අද (11) නියෝග කර තිබෙනවා.
ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

















