BREAKING NEWS
Search

තෙල් වැඩි කරලා ගල් අඟුරු පාඩුව ජනතාවගේ ඇඟේ ගැහුවා

7

තෙල් මිල වැඩි කරන්නෙ නෑ තෙල් සංචිත තියෙනවා කිවුව ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා.

දැන් අපට සාධාරණ සැකයක් තියෙනවා.දවස් 45 කට තෙල් තියෙනවා කියපු ආණ්ඩුව තකහනියේ තෙල් මිල වැඩි කළේ ගල් අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවගේ ඇගේ පටවන්නට යැයිද නාමල් රාජපක්ෂ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *