ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 65ක්.
ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර ඇති පරිදි, පසුගිය සිකුරාදා (මාර්තු 6) ඇය මෙලොවින් සමුගෙන ඇත. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇය, මියයන අවස්ථාවේ පවුලේ හිතවතුන් පිරිවරා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.
ඇයගේ සමීප මිතුරියක වන නිළි එරින් මර්ෆි (Erin Murphy) පවසන්නේ ජෙනිෆර් කෙටි කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි බවයි. “ඇය ඉතා සුවිශේෂී කාන්තාවක්. මට ඇයව ගොඩක් මතක් වේවි,” යනුවෙන් මර්ෆි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබුණි.

















