කාගේත් අවදානය දිනාගත්ත මේ ලොව ප්‍රකට ගායිකාව ගැන මේ වෙනකොට ලෝකයම කතා කරන ඒ සිද්ධිය කුමක්ද..?
පසුගිය දිනක කැලිෆෝනියා මහාමාර්ග මුර සංචාරක පොලිසිය (CHP) විසින් ඇයව රඳවා ගනු ලැබ තිබුණා.
ඇය සිය කළු පැහැති BMW 430i වර්ගයේ මෝටර් රථය US-101 මහාමාර්ගයේ දකුණු දෙසට ඉතා වේගයෙන් සහ අවදානම් සහගත ලෙස පදවන බවට බලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා.
පොලිසිය විසින් ඇයව නවතා පරීක්ෂා කිරීමේදී ඇය මත්වී සිටින බවට ලක්ෂණ පෙන්නුම් කළ අතර, එහිදී සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලින් (Field Sobriety Tests) ඇය අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුව ඇයව වෛද්‍ය පහසුකමක් වෙත රැගෙන ගොස් රුධිර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා අලුයම ඇප මත මුදා හැර තිබුණා. ජුනි මස 4 වන දින ඇය වෙන්චුරා ප්‍රාන්ත මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.





බීබීසී පුවත් සේවය ඇසුරෙන්..















