බණ්ඩාරවෙල ඔයක මළ සිරුරක්

29

බණ්ඩාරවෙල කටුගහ ලෙව්වතැන්න  පාලම අසල ඔයේ තිබු පිරිමි මළසිරුරක් අද (4) සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

මෙම මළසිරුර බණ්ඩාරවෙල පට්ටියගෙදර එනසැල්බැද්ද පදිංචිව සිටි ලක්ශ මුදියන්සේලාගේ වසන්ත ප්‍රියදර්ශන (47) නැමති එක්දරු පියකුගේ බවට ඔහුගේ පවුලෙ උදවිය හදුනාගත් බවද පොලිසිය කීය .

මොහු ගොවිතැන් කටයුතු කරමින් සිය දරුවා සහ වයෝවෘද්ධ මව සමග පට්ටියගෙදර එනසැල්බැද්ද නිවසේ පදිංචිව සිටින බවත් , බිරිද වැල්ලවාය ප්‍රදේශයේ සිටින බවත් පොලිසිය සදහන් කලේය .

සුපුරුදු පරදි මොහු ඊයේ (3) උදෑසන නිවසින් ගොවිතැන් කටයුතු සදහා යන බවට පිටව් ගොස් ඇති බවත් ,යලි නිවසට නොපැමිණි හෙයින් සොයා බැලීමේ දී මොහුහේ මළසිරුර මෙසේ බණ්ඩාරවෙල කටුගහ  ලෙව්වතැන්න පාලම අසල ඔයේ තිබී හමුව්නැයි පොලිසිය කියයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *