සූරියවැව කෝන්කැටිආර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදු පොළක් පිළිබඳව සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ වැටලිමක් සිදුකර තිබෙනවා.
එහිදී සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් විසින් වැටලිමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කර ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමට ලක් වු පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රථිකාර සඳහා සූරියවැව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ රාජකාරියට බාධා කොට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට සැකකරුවන් තිදෙනෙකු අද (11) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, වැලිආර හා ධර්මීගම ප්‍රදේශවල පදිංචි තිදෙනෙක්.
සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විමර්ශන සිදු කරනවා.




















