BREAKING NEWS
Search

යතුරුපැදි අනතුරකින් 28 හැවිරිදි තරුණියක් මියයයි

296
අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරකින් 28 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.
වැලිපැන්න පොලිස් වසමට අයත් 04 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව තිබුණා.

මතුගම දෙස සිට අලුත්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙන් පළමු අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදිය පෙරළී ගොස් ඇති අතර, එහි ගමන් කළ යතුරුපැදිකාරිය බරපතළ තුවාල ලබා සීනවත්ත රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක්.

පළමු අනතුර සිදුකළ යතුරුපැදිකරු එම ස්ථානයේ නොනවත්වා පලා ගොස් ඇති අතර, මඳ දුරක් යද්දී ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී දෙවන අනතුර ද සිදුකර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

එහිදී පලාගිය යතුරුපැදිකරු තුවාල ලබා දර්ගා නගරය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *