BREAKING NEWS
Search

රුපියල් කෝටි නවයක් පමණ වැය කර ඉදිකළ බෝග ගබඩා 11ක් පුස්කයි

27

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ ක්ෂේත්‍ර භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි නවයක් පමණ වැය කර දිස්ත්‍රික්ක හයක ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව විගණන වාර්තාවල දැක්වේ.

මේවා ඉදිකර ඇත්තේ ලෝක බැංකු ආධාර යටතේය.

අවශ්‍යතා හඳුනාගැනීමෙන් තොරව ගබඩා ඉදිකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවුණු බව එම වාර්තා සඳහන් කරයි.

එසේම අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ විසිහතරකට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද ගබඩාවේ කටයුතුද තවදුරටත් අවසන් කර නොතිබුණු බව පැවසේ.

(සුජිත් හේවාජුලිගේ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *