BREAKING NEWS
Search

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත නොනවතින ප්‍රහාර – ශ්‍රී ලාංකිකයින් 19ක් ආරක්ෂිත කලාප වෙත

27

ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත මේ වනවිට ප්‍රහාර එල්ල කරමින් පවතින බව බිරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ ප්‍රහාර හමුවේ බිරූට් අගනුවර ඇතුළු ප්‍රදේශවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ආරක්ෂිත කලාපයක් වෙත රැගෙන යාමට පියවර ගත් බවද බිරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දෙරණ කළ විමසීමක දී සඳහන් කළේය.

හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ලෙබනනයට පහර දීමත් සමඟ ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් ඉතා පුළුල් තත්ත්වයකට පැමිණ තිබේ.

මේ අතර අද සවස නිකුත් කරන ලද රොයිටර් පුවත් සේවයේ වීඩියෝවක බිරූට් දකුණු තදාසන්න ප්‍රදේශ වෙත අඛණ්ඩ ප්‍රහාරයන් එල්ල වෙන අයුරු දැකගත හැකි විය.

පිපිරීම් නිරන්තරයෙන් වාර්තා වී ඇති අතර, ප්‍රදේශය ඝන කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අයුරුද දක්නට ලැබේ.

හිස්බුල්ලා පාලනය යටතේ පවතින බිරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පුළුල් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ලෙබනන් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන එන්එන්ඒ පැවසුවේ, මෙහිදී පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *