BREAKING NEWS
Search

ගී ලොව අතිශය ජනප්‍රිය ඔහු ජීවන ගමනට සමුදෙයි..

802
ඔහුගේ සංගීත ගමන් මග ලෝකයක් මවිත කළ එකක්.

ඒ විතරක් නෙවෙයි සුවහසක් රසිකයින් පිරිසක් එද මෙන්ම අදත් ඔහුගේ නිර්මාණ හා එක්ව සිටියා. ඒත් අද ඔහු ගැන ඇසෙන්නේ සංවේදී කතාවක්.

1950 සහ 60 දශකවල Oh! Carol, Breaking Up Is Hard To Do, Bad Blood, Laughter in the Rain සහ Calendar Girl වැනි අතිශය ජනප්‍රිය ගීත නිර්මාණය කළ සහ ගායනා කළ අමෙරිකානු ගායක සහ ගීත රචක නීල් සෙඩකා (Neil Sedaka) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවුණා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම මරණය තහවුරු කර ඇත්තේ.

ග්‍රැමී සම්මාන පහක් සඳහා නිර්දේශ වූ දක්ෂ පියානෝ වාදකයෙකු වූ සෙඩකා, ඔහුගේ දශක හයකට අධික වෘත්තීය ජීවිතය තුළ තවත් ප්‍රසිද්ධ සංගීතඥයන් කිහිප දෙනෙකු සඳහාම ජනප්‍රිය ගීත රචනා කර තිබෙනවා.

ඔහුගේ මරණයට හේතුව හෝ ඔහු මියගිය ස්ථානය පවුලේ අය හෙළි කර නොමැත.

බෘක්ලින්හි උපන්, නිව්යෝර්ක් හි ප්‍රසිද්ධ ජූලියඩ් පාසලේ (Julliard School) ශිෂ්‍යයෙකු වූ මොහු, 1950 දශකයේ අගභාගයේදී ‘The Tokens’ නම් ඩූ-වොප් (doo-wop) සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ද වුණා.

1960 දශකයේ මුල් භාගය පුරා ජනප්‍රිය ගීත කිහිපයක් බිහි කිරීමෙන් පසුව, ඔහු 1975 දී ‘Captain & Tennille’ දෙපළ වෙනුවෙන් ‘Love Will Keep Us Together’ ගීතය රචනා කරමින් යළිත් බිල්බෝඩ් (Billboard) පුවරුවේ මුල් පේළියට (Top 10) පැමිණියා.

ඔහු 1970 දශකයේදී එල්ටන් ජෝන්ගේ (Elton John) වාර්තා ලේබලය යටතේ ඇල්බම කිහිපයක් ද පටිගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

1960 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය සංගීත ආක්‍රමණය අමෙරිකාව පුරා පැතිරයාමත් සමග සෙඩකාගේ ජනප්‍රිය සංගීතයට තිබූ අවධානය තරමක් අඩුව තිබෙනවා.

2012 වසරේ ලන්ඩන්හි රෝයල් ඇල්බට් හෝල් (Royal Albert Hall) හි පියානෝ ප්‍රසංගයක් පැවැත්වීමට පැමිණි අවස්ථාවක බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බැරෑරුම් ප්‍රසංගවලට ගොස් පුරුදු නැති ජනතාව වෙනුවෙන් ප්‍රසංගයක් ලබා දීමට තමා සැලසුම් කරන බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *