BREAKING NEWS
Search

ඉරානයේ බාලිකා පාසලට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළට

123

ඉරානයේ බාලිකා පාසලට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යක් වන  IRNA මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරය සිදුවන විට සිසුවියන් 170ක් එම ස්ථානයේ සිට ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් තවමත් සිදුවෙනු ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම

මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ ඕමානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

සටන් විරාමයක් පැනවීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර නීතියට සහාය දැක්වීම සඳහා පැහැදිලි ස්ථාවරයක් ලබා ගැනීමට මෙම රැස්වීම කැඳවන ලෙස ඕමානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *