මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු මවක වන බවට ඥානීන් විසින් හඳුනා ගෙන තිබෙනවා.
මේ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස මහෙස්ත්‍රාන් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් රන්නා ගමගේ මහත්මිය ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව සමග අධිකරණය වෙත වාර්තා කරන ලෙසට ගල්කිස්ස පොලිසියට නියෝග කළා.
මෙදින (25දා)) සවස වෙරළ තීරයේ ගැවසෙන ධීවරයන් විසින් සිද්ධිය ගැන ගල්කිස්ස පොලිසිය වෙත දැනුම් දීමෙන් අනතුරුව ගල්කිස්ස අපරාධ අංශය එම ස්ථානය පරීක්ෂා කර ඇත.
මියගිය කාන්තාව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබැනිව සිට ඇති බවත් මෙම මරණය ඝාතනයක්ද සියදිවි නසාගැනීමක් ද යන්නන් පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදුකරන බවන් පොලිසිය පැවසුවා.


















