2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


















