ඉන්දියාව හොල්ලමින් විජේ – රශ්මිකා අද උදෑසන යෙදුණු සුබ මොහොතින් යුග දිවියට…

120
ලොවක් විමතියට පත්කළ, 2026 වසරේ මේ දක්වා පැවති විවාහ උත්සවවලින් මේ නම් අමතක නොවෙන විවාහයක්.

මේ කියන්න යන්නේ අන්න ඒ දෙදෙනාගේ අලුත් යුග ජීවිතය ගැන සමාජමාධ්‍යයේ මේ වන විට පළවුණු පුවතක් ගැනයි.. ආරංචියේ හැටියට නම් අද උදෑසන යෙදුණු සුබ මොහොතකින් මොවුන් දෙදෙනා විවාහ වෙලා.

දකුණු ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන විජයි දේවරකොන්ඩා (Vijay Deverakonda) සහ රශ්මිකා මන්දන්නා (Rashmika Mandanna) අද උදෑසන ඉන්දියානු වේලාවෙන් පෙ.ව. 10:10 ට චාරිත්‍රානුකූලව විවාහ ගිවිස ගත් බවයි නිල වශයෙන් දැනගන්නට ලැබෙන්නේ.

බොහෝ කලක සිට දෙදෙනා පෙම්වතුන් බවට කටකතා පැතිර ගියද, ඔවුන් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ නැති වීමත් විශේෂ කාරණයක් වුණා. නමුත් අද දින පැවැත්වුණු මෙම අති උත්කර්ෂවත් මංගල උත්සවයත් සමඟ ඒ සියලු දෙනා ඔවුන්ට ආශිර්වාද කරන්නට වුණා.

අද පෙරවරු 10:10 ට සුබ මොහොතින් සමීපතම නෑදෑ හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවාහ කටයුතු සිදු වූ අතර, තෙලිඟු සහ කන්නඩ සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි දැනගන්නට ලැබෙන්නේ.

“Geetha Govindam” සහ “Dear Comrade” වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් මෙම සුසංයෝගය සැබෑ ජීවිතයේදීත් එක්වීම ගැන ලොව පුරා සිටින රසිකයන් සිය සුබපැතුම් එක් කරමින් සිටිනවා.

මෙම මංගල උත්සවයේ නිල ඡායාරූප ඉදිරියේදී නිකුත් වනු ඇතැයි රසිකයන් මඟ බලා සිටින අතර, මෙය වසරේ දැවැන්තම ඉන්දීය විවාහ උත්සවයක් ලෙස දැනටමත් නම් කර අවසන් බවයි මේ දෙන්නාට ආදරය කරන පිරිස නම් පවසන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *