BREAKING NEWS
Search

වරාය හදද්දී විරුද්ධ වෙච්ච අය අද හොඳ කියනවා

40

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපි වරායවල් හදන විට විරුද්ධ වෙච්ච උදවිය අද ඊට හොඳ කියනවිට සතුටු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපි වරායවල් හදනකොට විරුද්ධ උනේ ඔබතුමාලා.අද මෙතුමන්ලාගේ කටින්ම ඒ ඉදිකිරීම් හොඳයි. ඒවා තව ව්‍යාප්ත වෙන්න ඕන වගේ කතා කියන එක ගැන සතුටුයි.ඔබතුමාලා රතු කන්ටේනර්  323 ක් එලියට දාල තියෙනවා.හැබැයි පරීක්ෂණ නැහැ.ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා තිබියදීත් කුඩු කන්ටේනර් දෙකක් එලියට දාලා තියෙනවා.ඒවා ගැනත් ඔබතුමාලගේ න්‍යාය පත්‍රය ඇතුලේ පරීක්ෂණ නෑ.අපිට එන්න කියලා ඒවා අහනවා.මෙයාලගේ ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහල මොකටද?ඒ වගේම කරුණාකර ආගමික නායකයන් විවේචනය කිරීම නවත්වන්න.ජාතිවාදය අවුස්සන්නේ නෑ කියලා නැති ජාතිවාදයක් හවුස්සන තැනට සමාජය තල්ලු කිරීම නවත්වන්න.

ඒ වගේම පොදු දේපල පනතයි,මුදල් විශුද්ධි කිරීමේ පනතයි ඔක්කොම එකතු කරලා දේශපාලන පලි ගැනීම කියලා අලුත් පනතක් හදාගත්තා නම් හොඳයි.එහෙමනම් පාර්ලිමේන්තුවේ හිටපු ලේකම්තුමා ඇතුළු ඔක්කොම ඒ පනතින් ගෙනියන්න පුළුවන්.එතකොට කතානායකතුමා අමාරුවේ වැටෙන්නෙත් නෑ යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *