මෝදර මහල් නිවාස සංකීර්ණයේ 7 හැවිරිදි දරුවාගේ මරණයට හේතුව UDA නිලධාරීන්ගේ වරදක්ද?

123

කොළඹ මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිටත බිත්තියකින් කඩා වැටුණු සිමෙන්ති බදාමයක කොටසක් හිසට කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මහල් නිවාස සංකීර්ණය අසල සෙල්ලම් කරමින් සිටියදී එක්වරම එම සිමෙන්ති බදාම තට්ටුව දරුවාගේ හිස මතට කඩා වැටී ඇති බව සඳහන් වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, අද (05) අලුයම් කාලයේදී ඔහු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15, මෝදර, රන්දිය උයන පදිංචි මොටීර් සඳරුවන් නමැති හත් හැවිරිදි කුඩා දරුවෙකි.

අදාළ මහල් නිවාස සංකීර්ණයේ පිටත බිත්තියේ සිමෙන්ති බදාම තට්ටු කැඩී වැටෙන අවදානමක් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිප අවස්ථාවකදී දැනුවත් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අසල්වැසියන් පවසා ඇති බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශයක් සිදුකර තිබුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, මහල් නිවාස සංකීර්ණයට අයත් මෙම ගොඩනැගිල්ල  2014 වසරේදී ඉදිරිකිරීම් කටයුතු ආරම්භකළ එකක් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *