BREAKING NEWS
Search

නිවසක රෙදි සෝදන යන්ත්‍රයෙන් හමු වූ සල්ලි කද

1307

ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් මත්කරල් 2000ක් සමඟ පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, උපාය දූතයන් යොදවා සිදුකළ මෙම වැටලීමේදී සැකකරුක්ගේ නිවසේ තිබී මෙම මත්කරල් තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්කරල් අඩංගු පාර්සල් 20ක් සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37 සහ 24 යන වයස්වල පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

පාසල් දරුවන් සහ ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති අතර, මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10 ක් සහිත පාර්සලයක් රුපියල් 10,000ක මුදලකට අලෙවි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කරල් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක පමණ බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *