මේක නම් හාස්කමකින් සිදු වූ බේරීමක් මිසක් වෙන එකක් වෙන්න බැහැ කියලා තමයි ඇසින් දුටුවන් කියන්නේ.
වවුනියාව, තාන්ඩිකුලම් දුම්රිය හරස් මාර්ගයේදී අද (27) දහවල් මුළු පළාතම හිරිවට්ටපු ඒ අනතුර සිදු වුණා. 52 හැවිරිදි ඇල්ෆ්‍රඩ් තිලගවතී නමැති කාන්තාව සිය යතුරුපැදියෙන් ගමන් කරමින් ඉද්දී, දුම්රිය සංඥා පවා නොතකා දුම්රිය මාර්ගය හරහා යන්න උත්සාහ කරලා තියෙනවා.
යාපනයේ ඉඳලා වවුනියාවට එන දුම්රිය ඒ වෙලාවේ හිටියේ ඇය අසලමයි. පෙනි පෙනී තිබුණු මරණය නොතකා ඇය යතුරුපැදිය ඉස්සරහට ගත්තත්, දුම්රිය වේගයෙන් ඇවිත් යතුරුපැදියේ පිටුපස කොටසේ ගැටිලා තියෙනවා. මුළු යතුරුපැදියම විසි වෙලා යද්දී, ඇය විසි වෙලා වැටිලා තියෙන්නේ දුම්රියට අඟල් කිහිපයක් මෙහායින්.




















