BREAKING NEWS
Search

තවත් මවකට සිය පුතු අහිමි කළ මරණීය අනතුරේ සංවේදී කතාව..

561

බදුරලිය, පැලවත්ත ප්‍රධාන මාර්ගයේ කලුගල ප්‍රදේශයේ දීයතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ අගම්මොහොට්ටිගේ දොන් හසිදු තේමිය විජේතුංග නමැති “විජේසෙවන” බදුරලිය ලිපිනයේ පදිංචි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් (24) වැනිදා රාත්‍රී 8.30ට පමණ සිය මිතුරකු යතුරුපැදියේ පිටුපස නංවාගෙන බදුරලිය දෙස සිට කළුගල දෙසට ගමන් කර ඇති අතර අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් බදුරලිය රෝහලට ඇතුළත් කර ඇති අතර පැයක් වැනි කාලයක් ඇතුළත මෙම තරුණයා මියගොස් ඇති බව අනාවරණය වුණා.

‍මෙම තරුණයා සමග ගමන් කළ 17 හැවිරිදි තරුණයා මේ වන විට බදුරලිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය පවසනවා.

මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් රුධිරය වහනය වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව නිගමනය වී තිබුණා.

බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැදිසිංහගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන් (66106) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (97493) චන්ද්‍රසිරි යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *