දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදීම පළාගොස් ඇති බව සඳහන් වේ.
මෙම සිද්ධිය කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු වී ඇති බවට සැක පළ කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
දකුණු අප්‍රිකාව තුළ සංවිධනාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවනු ලබන අපරාධ ක්‍රියාකාරකම් මෑත කාලය තුළ ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පොලිස් වාර්තා අනුව, පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් දෛනිකව පුද්ගලයින් 63 දෙනෙකු පමණ අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති බව සඳහන් වේ.


















