BREAKING NEWS
Search

හත් හැවිරිදි පාසල් දැරියකට අහස පොලොව නුහුලන අපරාධයක් කළ නරුමයා

12788

වයස අවුරුදු 7ක් වන පාසල් දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලීසිය මගින් අද (16)  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් දැරිය සහ සැකකරු නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පදිංචිව සිට තිබේ.

15වනදා පස්වරුවේ බීමත්ව සිට ඇති අදාළ සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම ස්ථානයේම දමා ගොස් ඇති දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අදාළ දැරිය නිවසෙහි නොමැති වීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී පැය 4කට පමණ නිවසින් මිටර් 500ක් පමණ දුරින් වැටී සිටිය දී සොයා ගෙන තිබේ.

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කර ඇති අතර ඥාතීන් විසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර තිබේ.

ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ශන කටයුතු සිදු කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *