BREAKING NEWS
Search

රන් සහ රිදී මිලේ කැපී පෙනෙන වෙනසක්

1406

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,600ක් ඉක්මවා ගොස් තිබූ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 84 ඉක්මවූ අගයක සටහන්ව තිබුණි.

ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ රන් සහ රිදී මිල වේගයෙන් ඉහළ යනු නිරීක්ෂණය වුණි.

මේ වනවිට නැවතත් රන් සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගෙවුණු දිනය තුළ නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රත්රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගිය අතර එය දැක්වුණේ ඩොලර් 4,612ක් ලෙසය.

ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රත්‍රං මිල ඩොලර් 4,600 ඉක්මවා ගොස් තිබුණේ සියයට 2ක පමණ ඉහළ යාමක් ද සමඟින්.

මේ අතර නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රිදී මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රිදී අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 84ක් ලෙසය.

එමෙන්ම ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එයද ඩොලර් 84ක් ලෙස දැක්වේ.

මේ අතර මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ද රු 3,000කින් අද (12) දිනයේ ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක් රු 365,000ක මිලක් සහ කැරටු 22 රන් පවුමක් රු 337,600ක මිලක් වාර්තා වී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *