අධික ලේ වහනය වන බව පවසමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ඉවත් කිරීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් සමත්වී තිබෙනවා.
එම කාන්තාවගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බව ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ විට හඳුනා ගෙන ඇත. පසුව සිදුකරන ලද ශල්‍යකර්මයකදී එම බෝතල් දෙක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
කාන්තාව දූෂණය කළ බව කියන නාත්තන්ඩිය – පිලාකටුමුල්ල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා අනුබල දුන් බව කියන කාන්තාවක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ගත වී ඇති කාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ සේවකයන් දෙදෙනෙකුය. අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරවිල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඉකුත් 01 වැනිදා පැවති සාදයේදී රෝහල් ගත වී සිටින කාන්තාව සහ පිරිමි පුද්ගලයන් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යයි.
අරුණ පුවත්පත ඇසුරෙන්..




















