BREAKING NEWS
Search

බස් දෙකක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී මාරක අනතුරක්

599

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, පල්පාත ප්‍රදේශයේදී අද (09) පස්වරුවේ බස්රථ දෙකක් ටිපර් රථයක් එකිනෙක ගැටී ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

මෙහිදී පූඩළුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයේ සිටි මගීන් කිහිපදෙනකු මෙලෙස තුවාල ලබා තිබුණි.

එම බස් රථයේ රියදුරු මහතා මෙලෙස සිදුවීම විස්තර කළේය.

“මම බලනවා දඩාන් ගාලා වැදුණා. මේක යනවා ජෙට් එක වගේ උඩින්. සෙනඟ හිටියා 55 – 60ක් විතර. තුන් හතර දෙනෙකුට තුවාලයි. දැක්කේ නෑ ඉස්සරහා කෑගල්ල – මාවනැල්ල බස් එකක් ඇද්දා. මම ඒකට ස්ලෝ කරා. පිටිපස්සෙන් වැදුනා. තල්ලු කරන්ගියා ඔක්කෝම ජෙට් එක වගේ. හිතාගන්න බැරිවුණා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *