පුතුගේ සතුටුම දිනය දා පවුලම වැනසූ පවුල් ආරවුල.. රටම කමපා කළ අමානුෂික සිද්ධියේ සුළමුල හෙළිවෙයි

2383
අනුරාධපුර – ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසකට ගිනිතැබීම හේතුවෙන් සිදුවු අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි එම පුද්ගලයාගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඇගේ වයස අවුරුදු 36ක්.

පවුල් ආරවුලක් මත එම නිවසේ සැමියා විසින් නිවසට ගිනිතබා තිබෙනවා.

එම ගිනිතැබීමෙන් මෙම පුද්ගලයා සහ 13 හැවිරිදි ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා.

තුවාල ලැබූ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙකු මෙන්ම මිත්තණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

ප්‍රතිකාර ලබමින් සිටියදීයි බිරිඳ මෙසේ ජීවිතක්ෂයට පත්වුණේ.

ඔවුන් අතර පවුල් ආරවුල් පවතින බවට ද මීට පෙර පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

මියගිය සැමියා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසියට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

මෙම ආරවුල් හේතුවෙන් බිරිඳ සිය දරුවන් තිදෙනා ද සමග නුවරගම් කොළනිය, පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ මවගේ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

​අද අලුයම 2.00ට පමණ එම නිවසට ඇතුළු වූ සැමියා, නිවසේ සිටි පිරිසට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවටයි වාර්තා වෙන්නේ.

ගින්න ඇවිළෙන අවස්ථාවේ නිවස තුළ බිරිඳ, ඇයගේ මව සහ දියණියන් දෙදෙනා සිට ඇති අතර පුත්‍රයා නිවසින් බැහැරව සිට තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමග වහා එම ස්ථානයට පැමිණි පුතු, ගිනි ගන්නා නිවස තුළ සිටි සිය මව සහ සහෝදරියන් බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර එහිදී ඔහු ද පිළිස්සුම් තුවාල ලබා තිබුණා.

​සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතයි.

ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *