BREAKING NEWS
Search

සිතුවමේ ඉන්නේ මම කියලා පිළිගන්නලු ” පොලිස් පාරවල් මැද අසරණ වුණු අවන්හල් හිමිකරුවා… අන්තිමට “සොරි මල්ලි” කියලා …

408
පසුගියදා කොහුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමත් සමඟ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සැකකරුගේ රුව දැක්වෙන සිතුවමක් (Sketch) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

නමුත් එම සිතුවමට සමාන රුවක් තිබීම නිසා අහිංසක ව්‍යාපාරික තරුණයෙකුට බොරැල්ල පොලීසිය තුළදී අමානුෂික අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ බවට දැන් තොරතුරු වාර්තා වෙනවා.

මෙසේ අසාධාරණයට ලක්ව ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක හිමිකරුවෙක්. ඔහු පවසන පරිදි පසුගිය 01 වැනිදා තම ව්‍යාපාරයට අවශ්‍ය මාලු සහ භාණ්ඩ මිලදී ගැනීමට කොළඹට පැමිණ තිබෙනවා. එදින රාත්‍රියේ ආපසු යාමට අපහසු නිසා බොරැල්ලේ පිහිටි තම බිරිඳගේ නිවසේ නැවතී සිටියදීයි බොරැල්ල පොලීසිය ඔහුව රැගෙන ගොස් තිබෙන්නේ.

පොලීසියට රැගෙන ගිය තමන්ට, අදාළ සිතුවමේ සිටින්නේ තමන් බව පිළිගන්නා ලෙස බල කරමින් පොලිසිය දැඩි ලෙස පහර දුන් බවටයි එම තරුණයා චෝදනා කරන්නේ. “මිනීමැරුම කළේ උඹ නේද?” කියා අසමින් තමන්ට අමානුෂික ලෙස සලකූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

දින දෙකකට ආසන්න කාලයක් තරුණයා රඳවාගෙන දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ඔහු නිවැරදිකරු බව වැටහීම නිසා පොලීසිය ඔහුව නිදහස් කර තිබෙනවා. එහිදී පොලීසිය පවසා ඇත්තේ “සොරි මල්ලි” කියා පමණක් බවයි එම තරුණයා මාධ්‍ය හමුවේ පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *