BREAKING NEWS
Search

මරණයෙන් කෙලවර වූ පවුල් ආරවුල

773

වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී අද (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙසේ බිරිඳව ඝාතනය කර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන තුවාල සිදු කරගෙන ඇති බව වාර්තා වේ.

එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *