මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 41.8ක ප්‍රමාණයක් අවිවාහකයින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
2024 ජන හා නිවාස සංගණනය මගින් මේ බව අනාවරණය වූ බවයි ජන සංගණන සහ ප්‍රජා විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චාන්දනි විජේබණ්ඩාර පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය 2012 වසර හා සැසඳිමේදී සැලකිය යුතු වැඩිවීමක් බවද ඇය පවසනවා.




















