අසනීප අම්මා නින්දෙන් අවදි වෙද්දී, පුංචි දුව යන්නම ගිහින්.. කල්පිටියෙන් ඇහෙන කඳුළු කතාව…

1106

මේ අවාසනාවන්ත කතාවක්.

කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක් ජලය අඩක් පිරවූ බැරලයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ පදිංචි අවුරුදයි මාස තුනක් වයසැති දැරියෙක්.

දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් ඇති අතර මව දැඩි ලෙස අසනීප වී නිවසේ නිදා සිටියදි අදාළ දැරිය මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

මෙම දැරිය අනෙක් දරුවන් සමග මුදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී ඇය මෙම බැරලයට වැටී ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් එය කිසිවකු නොදැන සිටීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ දැරිය එම බැරලය තුළ සිට ඇති බවද පරික්ෂණවලදි තහවුරු වී ඇත.

අසනීපව නිදා සිටි මව අවදි වී දියණිය නිවසේ නොමැතිවීම නිසා සොයා බලා ඇති අතර එහිදී මෙසේ දැරිය මියගොස් සිටින අයුරු දැක තිබේ.

මරණය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *