Latest Articles
Search

උපන් දිනේට මී කුණක් තෑගී ලැබිලා

473

උපන් දින තෑග්ගක් ලෙසින් මියගිය මීයකු හමුවීමේ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තා වේ.

Advertisement

ඔහු නි​ෙවසක නවාතැන් ගෙන රැකියාවක් කරන දුර බැහැර ප්‍රදේශයක තරුණයෙකි.

Advertisement

නවාතැන ආසන්නයේ ඇති මුරපොළේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් සමග ඔහු සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.
සිය සේවා ස්ථානය සඳහා යන අතරතුර අදාළ මුරපොළේ සේවය කරන ආරක්ෂක අංශයේ නිලධාරීන්ට උදෑසන සුබපතා යාමේ පුරුද්දක් ඔහුට තිබිණි.

Advertisement

තරුණයා සිද්ධිය වූ දින ආරක්ෂක නිලධාරීන්ට සුබපැතූ විට නිලධාරියකු අද දින දහවල් නිලධාරියාගේ උපන් දින යැයි සඳහන් කළේය.
ඒ අනුව අදාළ නිලධාරියා හමුවී ඔහුට සුබ පැතූ තරුණයා, තමා නවාතැන් ගෙන සිටින නිවෙසේ හිමිකරු ලබාදුන් පාර්සලය අදාළ නිලධාරියා අත තබා රැකියා ස්ථානය කරා ගමන් කළේය.

Advertisement

උපන් දිනය යෙදී තිබූ ආරක්ෂක නිලධාරියා, සේවා මුරය අවසන් කර නිවෙසට ගොස් උපන් දින ත්‍යාගය ලබාදුන් තරුණයාගේ ගුණ වයමින් බිරිය සහ දරුවන් ඉදිරියේ උපන් දින ත්‍යාගය ලියා බැලූ විට එහි සිටියේ මියගිය මීයෙකි. බිරිය හා දරුවන් ඉදිරියේ දැඩි අපහසුතාවට පත්වූ නිලධාරියා, මේ බව මුරපොළේ අයට ප්‍රකාශ කළේ, දෙස් දෙවොල් තබමිනි.

Advertisement

කඳවුරේ නිලධාරීහු තරුණයාට දුරකතනයෙන් කතා කර අප්‍රසාදය පළ කළහ.

Advertisement

එහිදී තරුණයා මුරපොළේ නිලධාරීන්ට ප්‍රකාශ කළේ, තමා නැවතී සිටි නිවසේ හිමිකරු තම රැකියාව සඳහා නිවෙසින් පිටත්ව යෑමට සූදානම් වූ විට පාර්සලයක් දී යමක් ප්‍රකාශ කළත්, තමා දුරකතන ඇමතුමක සිටි බැවින්, කී දෙයට අවධානයක් යොමු නොකර, පාර්සලය තම බෑගයට දමාගත් බවය.

Advertisement

මීට පෙර බොහෝ අවස්ථාවල අදාළ නිවෙසේ අය විවිධ රස කැවිලි සකසා තමන් රැකියාවට යන විට ලබාදෙන බැවින්, එදින ද ලබාදෙන ලද්දේ කිසියම් හෝ රසකැවිලි වර්ගයක් යැයි සිතා ගමන් මල්ලට දමාගත් බවත්, නිලධාරියාගේ උපන් දිනය කියා දැනගත් විට නිවෙසේ හිමිකරු ලබාදුන් පාර්සලය ඔහුට දී සුබ පැතූ බවත් ඔහු පැවසීය.

Advertisement

මුරපොළෙහි ආරක්ෂක නිලධාරීන්ගෙන් උපන් දිනය සමරන නිලධාරියාගේ නිවෙසට යන මාර්ගය අසා දැනගත් ඔහු නිවෙසට ගොස් සිදුවූ සියල්ල පවසා සමාව ඉල්ලා සිටියේය.

Advertisement

තරුණයා නිවෙසට ගොස් මෙම සිද්ධිය නිවෙස් හිමියාට ප්‍රකාශ කරද්දී ඔහු කීවේ, පාර්සලය ලබාදුන්නේ යන මාර්ගයේ පාළු තැනකට විසිකර යන ලෙස බවයි.

Advertisement

Source : Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *