ඊශ්‍රායලයේ සේවයේ නියුතු තවත් ශ්‍රී ලාංකිකයෙකු මරුට

1279

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඉදිකිරීම් අංශයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස මියගොස් ඇති බවය.

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බව තානාපතිවරයා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්කටුයාය ප්‍රදේශයේ පදිංචිව සිට 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මරණයක් පසුගිය 14වනදා ද වාර්තා වූ අතර සුඩාන ජාතික පුද්ගලයෙකු විසින් එම ශ්‍රී ලාංකිකයා ඝාතනය කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *