අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ ජයටම කරගෙන ගිය ජරා වැඩේ

1456

අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක්, කාන්තාව සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයා ගන්නා ලදී.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (8) මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර, කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *