පවුල් පිටින් නැති කර දමනවා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට මරණ තර්ජන

824

‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ ලසින්ත සහ තරූන් නැමැත්තකු සමූහ දුරකතන සංවාදයක් ඔස්සේ ලින්ටන් ද සිල්වා මහතා සම්බන්ධ කරගෙන මෙසේ තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.

කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ සමීපතමයකු ඉකුත් (3) දා කටුනායක ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත  කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාට අයත් කෙහෙල්බද්දර ප්‍ර දේශයේ  පිහිටි හෝටලයකට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් එම හෝටලයේ ඉබි යතුරු කඩා ඇතුළු වී තිබූ බව පොලිසිය පවසයි.

කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සමග සිදුකළ දුරකතන සංවාදයේදී පවසා ඇත්තේ මෙතෙක් කල් කිසිවෙකු තමාගේ ස්ථානයකට එසේ ඇතුළු වී නොමැති බවත් එසේ ඇතුළුවීම හේතුවෙන් ලින්ටන් ද සිල්වා මහතාට මරණ තර්ජන කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *