BREAKING NEWS
Search

30,000 ක අල්ලස් ඉල්ලූ කලාකරුවෙක් අත්අඩංගුවට

643

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් 30,000 බැගින් වූ මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම යන චෝදනාව යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන්හමුදා නිලධාරියෙකු විසින් ගොනු කළ පැමිණිල්ලට අදාලව ය.

මෙහිදී අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාලව එම විමර්ශනය සිදු නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට අදාල ගොනුව ලබාදෙන බව පවසා මෙම පුද්ගලයා විසින් රුපියල් 30,000ක මුදල ඉල්ලා ඇත.

එමෙන්ම ගුවන්හමුදවේ නිලධාරියා සම්බන්ධව ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයට අදාලව ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබා දෙන බව පවසා අදාල සැකකරු විසින් අල්ලස් මුදල ඉල්ලා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *