සිව්දෙනෙක් රෝහලට යැවූ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ බිහිසුණු අනතුර

1038

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අදාළ අනතුරින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අද (12) දහවල් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ 06 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වෙයි.

තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *