BREAKING NEWS
Search

විනෝදවීමට ගිය අලුත් මනාලිය සහ බාප්පාට අත් වූ සෝචනීය ඉරණම

986

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ අතුරුදන්වූ මනාළියගේ  බාප්පා වූ එම්.ෆරීන් (42 ) නැමැත්තෙකි. දියේ ගිලී  අතුරුදන්වු අෆ්සානා (22)  ද තවමත් සොයාගෙන නොමැති බව පොලීසිය කියයි.

මන්නාරම කල්පිටිය වන්නි මුන්දලම මොහොමදියා පුරම් ගමට නොබෝදා කැන්දා ගෙන ආ 22 හැවිරිදි අෆ්සානා,ඇගේ සැමියා සහ ඥාති පිරිස ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය කළපුව ඔස්සේ ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

අතුරුදන්ව සිටින අෆ්සානා සොයා ,නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළ ඝණයේ නාවිකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *