ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බවය.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10,000ක් බව සඳහන්ය.
ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 351,500ක් ලෙස දැක්වුණි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 370,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 380,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.




















