සනීප තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලද ඒ මහතා මිය යන විට 76 වියේ පසු විය.
අසූව දශකය අග භාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වික්ටර් අයිවන් මහතා විය.
එමෙන්ම, ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.

කෙසේ වෙතත්, වික්ටර් අයිවන් මහතා මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වේ.
වෙනත් පුවත්
පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කණකරත්න මහතා පැවසීය.
මෙලෙස ජලයෙන් බේරාගෙන ඇත්තේ හිජ්ජාපුර පදිංචි 55 සහ 50 යන වසයේ සිටි දෙමස්සිනාලා වූ ගොවීන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා (18) දින සවස තම කුඹුරු යායේ පැල් රැකීමට ගිය බවත් , එදින රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පදවිය වැවේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන මොර ඔය පිටාර ගලා තමන්ගේ කුඹුරු යාය සහ ඔවුන් සිටි පැළ ජලයෙන් යට වීම නිසා මොර ඔය අසල ඇති උස කුබුක් ගසකට නැග ගත් බවත් ඔවුන් දෙදෙනා පැවසූහ.




















